“නුර්තී “ යනු මෙරට පැවති පැරණි නාට්‍ය විශේෂයකි . එම නාට්‍ය වල ගැයූ ගී “නුර්තී ගී “යනුවෙන් හැදින්වේ . 19 වන සියවස අගබගයෙදී එනම් 1880 පමණ “බලිවාලා “ ප්‍රමුඛ “ පර්සියානු නාට්‍ය කණ්ඩායමක් ඉන්දියාවේ “බොම්බේ” සිට මෙරටට පැමිණ මෙම නුර්ති නාට්‍ය රග දක්වා ඇති අතර එම නාට්‍ය නැරබු ශ්‍රී ලාංකික රසිකයා අතරින් “සී.දොන් .බස්තියන් ජයවීර බංඩාර නම් පුද්ගලයා ප්‍රථම සිංහල නුර්තිය වන “රොලීනා “නම් නුර්තිය නිෂ්පාදනය කල අතර ඉන් අනතුරුව නීතිපති වරුන් දෙදෙනෙකු වූ ජෝන් ද සිල්වා මහතා හා චාර්ලස් ඩයස් යන දෙදෙනා විසින් තම කාලය ,ශ්‍රමය , ධනය කැප කොට නුර්ති නාට්‍ය නිෂ්පාදනය කරන ලදී .


ජෝන් ද සිල්වා මහතා විසින් නිෂ්පාදිත නුර්ති නාට්‍ය පහත පරිදි වේ .

  • දුටුගැමුණු
  • රත්නාවලී
  • රාමායනය
  • ශ්‍රී වික්‍රම රාජසිංහ

චාල්ස් ඩයස් මහතා විසින් නිෂ්පදීත නුර්ති නාට්‍ය පහත පරිදි වේ .

  • විදුර
  • පද්මාවතී
  • ධර්මාශෝක
  • පණ්ඩුකාභය

නුර්ති නාට්‍යය  රග දැක්වූ ස්ථාන.
මෙරට මුලින්ම ශාලාවක් තුල රග දැක්වූ එකම නාට්‍ය විශ්ශය වන්නේ එම නුර්ති නාට්‍යයන්ය . නුර්ති මුලින්ම රග දක්වා ඇත්තේ “කොලඹ මල්වත්තේ පිහිටි චාමස් ධාන්‍යගරයේ පිහිටි පුෂ්පශාලාවේ දීය . පසුව “මරදානේ ටවර් රග හලෙදී “ නුර්ති රග දක්වා තිබේ.

ටවර් හෝල් රගහල








නුර්ති සංගීතය පිළිබධ තොරතුරු.

ගායනය ,වාදනය ,රංගනයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත් මෙම නුර්ති නාට්‍ය ගීත ප්‍රාසංගිකව ඉදිරිපත් කරනු ලැබේ . “උතුරු ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ “ ආභාශය නුර්ති සංගීතය සදහා ලැබී ඇති අතර සංගීත භාණ්ඩ යටතේ නුර්ති ගී සදහා “සර්පිනාව ,තබ්ලාව යොදා ගන්නා ලදී . එම සංගීත භාණ්ඩ මෙරට ප්‍රචලිත වී සරල සංගීතයට යොදා ගනු ලැබුවේද නුර්ති ගී සදහා මෙකි සංගීත භාණ්ඩ භාවිතයට ගැනීම හේතු කොට ගෙනය . නුර්ති ගීත ගායනය කරනු ලබන්නේ නුර්ති නාට්‍යයේ රගපාන අදාළ චරිත විසින්ය . ගායනයේදී “ප්‍රාසංගිකත්වය “ එනම් ගායනය මුසු රංගනය අත්‍යවශය කරුණක් විය.

නුර්ති සංගීතය සදහා යොදා ගන්නා සංගීත භාණ්ඩ වන්නේ,

තබ්ලාව









සර්පිනාව