රබන් ගී ක්ෂේත්‍රය ගෙන බැලු විට රබන් නැටීම, රබන් කරකැවීම, රබර් පෙරලවිම ආදි ලෙසින් විවිධ අංග මෙහි ඇතුළත් බව පෙනේ. මෙහිදී ගීත භාවිතා වන අතර, එකී ගී රබන් ගී යනුවෙන් හැඳින්වේ. මෙය රබන් ක්‍රීඩාවක් (සෙල්ලමක්) ලෙසින්ද හැඳින්වේ. මේවා අතර ගැයෙන විවිධ ගායන ක්‍රමද ඇත. රබන් සින්දු (ත්‍රිවිධඥාන) රබන් ගීත (වරලසා)උදාහරණ වේ.  


රබන් සින්දු වල පාද වල මාත්‍රා ගණන හා ගායන ශෛලිය වෙනස්ය.මේවායේ සින්දු ලක්ෂණ ඇත.විශේෂයෙන් මෙම රබන් ක්‍රීඩාව අප සිංහල ජන සමාජයේ භාවිතා වනුයේ විවාහ මංගල්‍යය හා සම්බන්ධ සිරිතක් ලෙස ය ඊට විශේෂ හේතුවක් ලෙස දැක්විය හැක්කේ රබන් නැටීම , රබන් සෙල්ලම ආදිය ආරම්භ වී ඇත්තේ මේ රටේ විවාහ මංගල්‍ය උත්සවය ආදීන් වීමයි.
 පළමුව මෙකල තුළ - විජයබා නිරිඳු රජ කළ.  
 විවා බඳිනා කළ රබන් නෙර්තය ලකට මුල් විය. 

රබන් යන නම අපට ලැබෙන්නේ අග්නිදිග ආසියාතික  රටවල්වලිනි. මෙම භාණ්ඩය මලයාසියාවේ “රෙබන්” නමින්ද, තායිලන්තයේ “රම්මාන” නමින් ද බුරුමයේ “රේමාන” නමින් ද පවතී.මෙනයින් බලන කල විජයබා රජතුමා මලයාසියානු කුමාරිකාවක් වූ තිලෝකසුන්දරී සමග විවාහ වීමේ මංගල්‍ය උත්සවය රබන් උපත හා සම්බන්ධ කිරීම පිළිගත හැකි පුවතකි. පැරණි රබන් කලාව මලයාසියානු බලපෑම් වලින් ගහණව පැවතෙමින් ලංකාවේ දකුණු පළාතට සම්බන්ද කිරීම ඉහත කී නිගමනයට තුඩුදෙන සාක්ෂියකි. 
බංකු රබන් වාදනය එක්තරා සන්නිවේදන මාධ්‍යයක් ලෙස යොදාගෙන තිබේ. ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීමේ දී ද එම පුවත ප්‍රචාරය කර හැරීමේ චාරිත්‍රය බෞද්ධයන් අතර මෑතක් වනතුරුම පැවතිණි. එමෙන්ම අලුත් මනමාලියක් ගෙදරට කැන්දාගෙන ආ පසු එම නිවසට ගැහැණු උදවිය එකතු වී බංකු රබන් වාදනය පවත්වන තෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තු සිටීමද චාරිත්‍රයක් ලෙස දැකගත හැකිය. එහිදීද යොදාගනු ලැබූ ප්‍රබල සංගීත භාණ්ඩයක් ලෙස බංකු රබාන දැක්විය හැකිය. 

මෙය ආතත ගණයට අයත් සංගීත භාණ්ඩයකි. දකුණේ නාකුළුගමුව,උඩරට ගලගෙදර, හොරණ උඩුව හා කෙසෙල්හේනාව වැනි ප්‍රදේශවල රබන් කණ්ඩායම් පැවත ඇත. දැනට රැඳී ඇත්තේ මහනුවර හාරිස්පත්තුවේ ය.
පහත දැක්වෙන්නේ බැංකු රබානක සහ අත් රබානක රුපසටහන්ය.
බන්කු රබාන(මහා රබාන)

 

අත් රබාන


පහත රබන් පද බලන්න.
උඩපල ගත්තත් වට්ටක්කා
බිමපල ගත්තත් වට්ටක්කා......

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු .....

එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන් ......

සඳුන් කැලේ අපි යනකොටරිලව් පනිනවා
එක රිලවෙක් බඩ බැඳගෙන
පිනුම් ගහනවා තක දොං පිනුම් ගහනවා........

පිලවක්කේ කැත්ත දො දොං
පිලවටකර කැත්ත දො දොං
ගුදං ගතං කැත්ත දො දොං
රාං රූං කැත්ත දො දොං.......
අපි කව්රුත් දන්නා පහත රබන් පදය සැලකිල්ලට ගමු .
          
උඩපල ගත්තත් වට්ටක්කා
බිමපල ගත්තත් වට්ටක්කා .......  යන රබන් පදයේ හඬ සැලකිල්ලට ගෙන ඊට අනුරූපව  මේසයකට       තට්ටුකරමින් වාදනයට යොමු වන්න .
  
බලන්න මෙහි පදවල රිද්මයට උචිත පරිදි  පද යෙදී ඇති  බව හා ඉන් නාදයේ රසය උත්පාදනය වන ස්වාභාවය. මෙලස සෑම රබන් පදයක් තුළම  රිද්මයට උචිත පරිදී පද යෙදෙමින් නාද රසයක් උද්පාදනය කෙරීමට සමත් වේ . රබන් පද වදනයෙදී (මහා රබන ) නැතහොත් බංකු රබාන  යොදා ගන්න අතර පළමුව රබන් පදය ගායනා කිරීමෙන් අනතුරුව නාද මාලාව සැලකිල්ලට ගනිමින් මහා රබනෙන් එය වාදනය කෙරේ . මෙලෙස රබන් පද වාදනය බංකු රබාන ඇසුරුකර ගනිමින් සිංහල අවුරුදු  උත්සව වලදී කලඑළි බසිනු පෙනේ. සාමුහිකත්වය ,සහජීවනය හා සංවාදාත්මක බව ආදී ගුණාංග රබන් පද ගායනයෙන් ජීව්තයට එක් කර ගත හැකිය .

රබන් ගී ගායනා . 

මෙම ගීත  අත් රබාන වාදනය කරමින් ගයන, රබන් ගී විශ්ෂයක් වන අතර  ඒවා වියත් බසකින් රචනා වී ඇති හෙයින් ඒවා "සේ ගී"  ගණයේලා ගැනේ .  ඇතැම්  රන් ගී  ගයන්යෙදී වන්නම් වල මෙන් "තානමක්" ගයා ගීතය ගැයෙන අවස්ථාද දැක ගත හැකිය . රබන් ගී ගයන්යෙදී ගී ගයමින් නර්තනයේ යෙදීම විශ්ෂත්වයකි.

පහත දැක්වෙන්නේ රබන් ගී කීපයක් හා ඊට අදාළ  ස්වරප්‍රසතාරයන්ය .
මෙම නාද මාලා තුළ සම්ප්‍රදායික  නාද මාලාවන්  අන්තර්ගත වන අතර ඒවා නිවැරදිව විකෘති නොකොට ගැයිමටද  අප විසින්  වග බලා ගත යුතුය .

තන තනම්  දෙන තාන තනම් දෙන තන තනම් දෙන තාන
තින තිනම් දෙන තින තිනම් දෙන තින තිනම් දෙන තීනා  

අතකට ගෙන  රබන් පොඩිය ගසති දිසි රුවින් 
ගත සිත බඳ සොලවා සළු පිලි නද කරමින් 
සිතකටවත් නොගෙන නැවත විදුලිය විලසින් 
අහසට දමමින් අල්ලා රබාන දෑතින් 
               
දෑතේ දසැගිලි  පිට තැබුවම කැරකෙන්නේ 
ක්‍රීඩා  කරමින් සැම සත බලා සිටින්නේ 
මේ තාලම නම් කාටත් බැරිය බොලන්නේ 
ගී තාලම් රබන් බ්‍රමණ කර නටවන්නේ  
       
වේ වැල රැගෙනා මුණ පිට රබාන තබනා 
දාවල  දිලෙනා  සඳමෙන්  වටකර කෙලිනා 
වී ලොල සිටිනා සැම  සත ඔල්වර  දෙමිනා 
මේ ශිල්පය  නම් දිනකට කාටත් නොදෙනා 

එකවිට  අල්ලා රබමන් තුන අරගල්ලා 
දකුණට  දල්වා  බමරෙකු සේ කැරකිල්ලා 
මුඛයට  අල්ලා  වේවැල  පිට  නැලවිල්ලා 
මෙසැම  සියල්ලා කරමින් තෑගි ගනිල්ලා 

ඉහත ගීතයේ පද දෙකකට අදාළ ස්වර ප්‍රස්තාරය ලබා දී ඈති අතර ගීතයේඉතුරු කොටස්ද එම තාලය හා සමානව ප්‍රස්තාර වේ.ඒ අනුව ගායනයද සිදුවේ.




පහතින් දැක්වෙන්නේ තවත් රබන් ගීයකි.
එහි දෙවෙනි ගීතයට අදාළ ස්වර ප්‍රස්තාරයද දැක්වේ.
 
සඳුන් කොකුම් මොරසුගාන  
මුඳුන් කරල  වරල  බඳීන 
රජුන් සමග  ඇමැති සිටින 
ළඳුන් දුට  ද  රජගෙට යන 

උරතල  කැළ  ඕඩිය ලෙන්ද 
කරතල සපුමල  ලෙසින්ද 
දුර දුර  ඉසි  ගෝමරින්ද 
ළදේ  නුබ  හැර වෙන  කොයින්ද 

 


 පාඩමට අදාළ පැවරුම මෙතනින් ලබා ගන්න.