මෙම සටහන සටහන් පොතේ ලියා යොමු කරවා ඈති ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
"උපදෙශ්ත්මක ගීත"වශයෙන් හැදින්වෙන්නේ යහපත් පුරවැසියන් සමාජයට බිහිකිරිමට අවශ්‍ය උපදේශනයන් ඈතුලත් කර සැකසු ගීතයන්ය සැමවිටම මෙකි ගී මගින් අපේක්ෂා කරනුයේ අදර්ශමත් උපදේශනයන් සමජගත  කිරීමටය. යමක් කටවචනයෙන් කියවනවට වඩා එය හදවතට දැනෙන ලෙස දෙසවන් පිනවමින් ගීතවත් වී ඇසෙන විට ඉන් හැගවෙන උපදේශයන් ක්‍රියාත්මක වීම ඉක්මන් වනු ඇත . ඒ අනුව උපදේශාත්මක ගීත නිර්මාණය වීමේ මුලික පරමාර්ථයද මෙය බව සදහන් කල හැක .මෙම ගීත  අප විසින් අසා රස විදිමින් ඒවා තුල අන්තර්ගත උපදේශයන් සැලකිල්ලට ගත යුතුය අතර මතුපරපුරටද ඒවා අසා රසවිදීමට අවස්ථාව සැලසිය යුතුය . එහෙහින් මෙම ගීත සංරක්ෂණය කල යුතු අතර එම ගීත ගැයූ ගයක ගියිකාවන් ,පද රචකින් සහ සන්ගීතත්ඥයින් සම විටම අගය කල යුතුමය .උපදේශාත්මක ගී ගැයූ ගායක ගායිකාවන් කීප දෙනෙකු පහත පරිදිය.
  1. එච්.ඩබ්ලියු.රූපසිංහ මහතා.
  2. කෝකිලා දෙවි වීරතුංග මහත්මිය.
  3. චන්ද්‍ර කබ්රාල් 
  4. සි,ටි.ප්‍රනාන්දු මහතා.
  5. ෆ්‍රෙඩි සිල්වා මහතා.

ව්‍යවහරික සංගීත ක්ෂේත්‍රය තුල ප්‍රචලිත පැරණි හා නුතන උපදේශාත්මක ගී කිහිපයක් පහත පරිදිය.

  1. නොමග නොයන් පුතේ.....
  2. අහන්න මගේ හොඳ පුංචි පුතේ.......
  3. දූ පුතුනේ රට අපේය.....
  4. කරුණාව සමග හොඳ හිත.....
  5. දැඩි කල මාතා......
  6. මවු පියෝ ආදී  සොදුරු තමාගේ......
  7. හිතන්නකෝ අයියේ.....
  8. සමන් වැලේ මල් ..........
  9. පාන් කිරිත්තා තක්කිට....
  10. පියුමෙහි පැණි බොති වන.....

          ක්‍රියාකාරකම්
  • ගීතයන්ට අදාල නාදමාලා අන්තර් ජාලය ඔස්සේ අසන්න.
  • ඉහත දක්වා  ඇති ගීත වල නාද මාලා හැකි පමණ අසා රසවිදින්න.
  • ඔබ ශ්‍රවනය කල ඕනෑම උපදේශාත්මක ගීතයක පද මාලාව  නිවැරදිව ලියා දක්වන්න .
  • ''කරුණාව සමග හෝද හිත '' ගීතයේ හෝ වෙනසක් ඔබ ඇසු උපදේශාත්මක ගීතයක අදහස  හා ඉන් උකහා ගත් උපදේශයන් ඔබට හැගෙනා ලෙස ලියන්න .
  • උපදේශාත්මක ගී හැකි පමණ රසවිදමින් ගීත ඇතුලත් කුඩා පොතක් නිර්මාණය කරන්න .

        පාඩමට අදාල පැවරුම මෙතනින් ලබා ගන්න.