- කෝළම් ගී තුළ ජන නාද රටා පෙන්නුම් වන අතර විශ්ෂයෙන් ශාන්තිකර්ම ගී නාද රටා ඇසුරට ගෙන සැනසි ඇත .නාද මාලාවන් ඉතා සරලව දී ඇති අතර වාදනයෙන් සහය සදහා පහතරට බෙරය , හොරනෑව , සර්පිනාව ගී ගායනයේදී උපයෝගී කරගනි . පළමු තීරය ඇරෙන විට'' සබේ විදානේ '' බෙරයක් බැදගෙන විත් පහත කවිය ගයයි.
සිරිතට පොදිය බැදගෙන
උරපිට තබාගෙන
යෝධ ජසයා ඒය දුවගෙන
- එමෙන්ම ඉන් අනතුරුව ජසයා තම චරිතය ලක්ෂණ වන මහලු බව , බීමත් බව , නොන්ඩ් බව දක්වමින් අතේ හැරමිටියක් හා කරේ රෙදි මල්ලක් (ඔලගුවක් ) දමා සබයට පැමිණේ .
ගම්බීර කාලිංග නුවර නිරිදුගේ වාසල පුරයට
ඉන්න දනා සේම රජුට සෝදා පට පීලි සොඳට .....||
ඉන් නරනා තැබූ නම මට පේඬි විදානේ සත්තට
මට මෙතනට ආමි වියන් බදිනට නරනිදු එන විට .....||
ජසයගේ චරිත ලක්ෂණ
- කකුලක් නෝන්ඩිය
- මහලු චරිතයකි
- බීමත්ව හැසිරෙ
- අතේ හැරමිටියක් සහ කරේ ඔලගුවක් දමා ඇත .
- අනතුරුව යලි සබේ විධානේ ''ලෙන්චිනා ''ගේ චරිතය හදුන්වා දෙයි .ඇය කපටි, චපල, තරුනයින්ට ඉගි බිගි පාන , සුන්දර , සුකුමාල චරිතයකි.
මන් වගේ පේඩ් කතක් මනා
දුටුවද ලොවේ රුසිරෙන් දිනා
මන් කල පෙර පවකින් යෙනා
මට හිමි වුයේ මහලු වූ මෙසමුනා
මව්පියෝ නිදහස් වෙන්නටා
මාව දුන්නයි නාකි වූ හමෙකුටා
උන්දලා හට කබුරන්නටා
යද ඉන්නේ සුරන් හට දෙස් කොටා
නාකි උනත් මට කම්නැතේ
තව නොන්ඩි කකුලකුත් ඇද යතේ
ඊට වඩත් මුගේ අවගතේ
මගේ දෝස තැනින් තැන පවසතේ
ලෙන්චිනගේ චරිත ලක්ෂණ
- කපටි චරිතයකි
- තරුනන්ට ඉගි බිගි පායි
- චපල ගැහැනියකි
- තරුණ සිත් ඇද ගැනීමේ හැකියාවක් ඇත
- ලාස්‍ය බවින් යුක්තය .