කෝළම්
සටහන් පොතට ගෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න. 
කෝලම් රංග ශෛලිය හා බැඳි සංගීතය.
  • පහත රට ප්‍රධාන ජන නාට්‍ය විශේෂයක් වන  ''කෝළම් '' අම්බලන්ගොඩ,බෙන්තර ,මිරිස්ස වැනි ප්‍රදේශවල ප්‍රචලිතව පවති . වෙස් මුහුණු පැලද ගෙන නර්තනයේ යෙදෙන නැටුම් අංගයක් හෙයින් ''වෙස් මුහුණු නාටකය '' ලෙසද  කෝළම් නාටකයේ හදුන්වයි.
  • කෝළම් වල ප්‍රභවය නැතහොත් පටන්ගැන්ම සිදුව ඇත්තේ  ''මහා සමන්ත '' නම් රජ කෙනෙකුගේ බිසවකට නැටුම් නරබිමේ  අධික ආශාවක් සන්සිධුවලීම හේතු කොටගෙන බව ජනප්‍රවධයේ සදහන්  වේ .  මෙහිදී කිසිදු  නැටුමකට  බිසව  සැනසීමට නොහැකි වූ අතර  ''සක් දෙවිදු '' මේ පුවත දැක  ''විශ්ව කාර්ම දිව්‍ය පුත්‍රයා '' ලවා මෙම කොළම් රංගනය බිසව හමුවේ රග දැක්වීමට කටයුතු සලසා ඇති අතර , එය තුලින් බිසවගේ ආශාව සන්සිදුනු බව කියවේ.ඒ අනුව අතීතයේ කෝලම් සුව කිරීමේ ශාන්ති කර්මයන් ලෙස යොදා ගත්තද පසු කලෙක විනෝදය සඳහා මෙම රංගනය ඉදිරිපත් වන්නට විය.
  • කෝලම් රංග භුමිය සඳහා එළිමහන් "තානායම්පොළ" නමින් කවාකාර රංග මණ්ඩපයක් සැකසේ.
  • මෙහිදී යොදා ගන්නා ප්‍රදාන වාදය භාණ්ඩය "යක්බෙරයයි".මෙම බෙරය දිග් බෙරය ,දෙවොල් බෙරය,ඝෝෂක බෙරය ලෙසද හැඳින්වේ.තවද හොරණෑව,සර්පිනාව වැනි සංගීත භාණ්ඩ වාදනයේදී සහය කර ගනී. 
  • කෝළම් ගී රංගනයේ යෙදෙන නළුවන්ම ගයන අතර'' අත්වැල් ගයන '' කන්ඩායමක්ද ,සහය සපයයි .
  • සබයට එන සියලු චරිත ''සබේ විධානේ '' නම් චරිතය  විසින් හදුන්ව දීමෙන් පසු කරලියට පැමිණ රංගනයේ යෙදේ .
  • අන බෙර කෝළම් ,පොලිස් කෝළම්, හේවා කෝළම් ,ආරච්චි කෝළම ,මුදලාලි කෝළම , ලංසි කෝළම , ජස කෝළම ප්‍රදාන කෝළම් කීපයකි . මෙම කෝළම් කරලියට ප්‍රධානව එන රජු හා බිසව සබයට පැමිණීමට පෙර තානායම් පොලට පැමිණෙන කෝළම් වේ. 
  • කෝළම් නාට්‍ය තුල එන සියලු චරිත පිරිමින් විසින් රග දක්වන අතර මේවා රාත්‍රී කාලයේදී රගදක්වේ .කෝළම් තුලින් සමාජයේ ඉහල  පෙලේ චරිත හාස්‍යට හා උපහාසයට  ලක් කිරීමට සිදු කෙරේ . 
  • කෝළම් වල යෙදෙන වෙස් මුහුණු කීපයක් පහත දැක්වේ .
  • අන්තර්ජාලයේ කෝළම් රංග ව්ලාසය අදාල තොරතුරු යටතේ මෙම  වෙස් මුහුණුවල චායා පිටපත් ලබාගන්න .