දැල් ගී යනු ධීවරයන් විසින් මාළු  අස්වැන්නෙන්   සමන්විත වූ දැල් ඇඳීමේදී ගායනා කරනු ලබන ගීත විශේෂයකි. 
මාළු ඇල්ලීමට මුහුදට යන ඔරුව මුහුදට තල්ලු  කිරීමේදී ද  මාලු දැල ගොඩට ඇදීමේදී ද මහත් වෙහෙසක් ධීවරයින්ට 
දැරීමට සිදුවන අතර මෙහිදී සාමූහිකත්වය අත්‍යවශ්‍ය වේ.මෙම සාමූහිකත්වයට  දැල් ගීතයන් ගායනයේදී ලබාදෙන්න 
මහත් පන්නරයෙකි.
විශේෂයෙන්ම සාමූහිකව ගැයෙන මෙම දැල් ගී මගින් සියලුදෙනාගේම ශක්තිය එකවර යොදා කාර්යය කර ගැනීමට 
ගන්නා වෙහෙස මගහරවා  ගැනීමද සිදුවනු ඇත.

 දැල් ගී තුළ යෙදෙන පද මාලාව බොහෝ විට අර්ථ විරහිතය. උදා:-  හේල හෙලෙයි හෙලෙයියා,ලේලකඩි ලෙලෝ, 
හෙළවාලේ ලෝ වෙලාමා  එවැනි අර්ථයක් ගෙන නොදෙන පදමාලා දක්නට ලැබේ. එමෙන්ම දැල් ගී තුල යෙදෙන 
භාෂාව සරල ස්වරූපයන් ගනී. බොහෝ විට යෙදෙන අර්ථය තුළින් තමන් අදහන දෙවියන්ගෙන් අවසර පැතීම හා 
ධීවර කටයුතුවලදී තමා රැකදෙන්න යන අදහස්  දැක්වේ.

 දැන් ගී පදමාලාව සරල වන අතර මෙම ගී ගායනයේදී මුහුද සමග ගනුදෙනු කරන හෙයින් ඉතා ඉහල හඬින් ගැනීමද 
සිදුවේ. තවද ගීතයන්හි පදමාලාව තුළ කිසියම් රිද්මයක් දක්නට ලැබේ.මුහුදු රළ හා බැඳුණු රිද්මයානුකූල බවක් මෙම 
නාද මාලාවන් තුළ නිරන්තරයෙන් දිස්වේ.

දැල් ගී

හේල වලේ ලෝ වෙලමා -ලේ ලකඩි ලෙලෝ 

ඒ ආලේ හෙලෙයි ලෝ -මන්නඩිරාලේ හෙලෙයිලෝ

සන්තානම් පල්ලි යන්න -ලේ ලකඩි ලෙලෝ

දැල් ගීයක්.

හෙළවාලේ ලෝ වෙලමා -ලේ ලකඩි ලෙලෝ 

හෙළවාලේ ලෝ වෙලමා - ලේ ලකඩි ලෙලෝ

සන්තානම් පල්ලි යන්න - ලේ ලකඩි ලෙලෝ

පෑලවියෙන් බැහැල යන්න -ලේ ලකඩි ලෙලෝ
ජේසු තුමන් වැදලා යන්න - ලේ ලකඩි ලෙලෝ


පහත දැල් ගීයට සවන් යොමු කරන්න.



අභ්‍යාසය............


පාඩමට අදාළ පැවරුම මෙතනින් ලබාගන්න.